ප්‍රමුඛ පුවත 1

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු ඇණ හිටී

(උදයම්,කොළඹ)  –  කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවන,තෙවන සහ සිව් වන වසර වල සිසුන්ට විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කර අධ්‍යයන කටයුතු ද තාවකාලිකව නතර කර ඇති බව විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතා පවසයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ(8) රාත්‍රී ගැටුමක් හටගැනුණි.ඉන් තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු ප්‍රකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිලවරණය හේතුවෙන්  මෙම ගැටුම හටගෙන තිබේ.
මෙම ගැටුමත් සමඟ කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයේ නේවාසිකාගාර වල සිටි සිසුන්ද ඉන් ඉවත් කිරීමට  පියවර ගත්තේය.
නමුත් ශාස්ත්‍ර පීඨයේ පළමු වසරේ අධ්‍යයන කටයුතු සහ අනෙක් පීඨ වල අධ්‍යයන කටයුතුද සාමාන්‍ය පරිදි සිදුකරන බව වාර්තාවේ.

Related posts

ගල්කිස්ස අධිකරණයේ ගිනි අවි හමුවීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

නබිතුමන්ගේ ඡන්ම දිනය අදයි

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment