කලා

ඇවෙන්ජර්ස්හි සුපිරි වීරයන්ගේ ඇදුම් වෙනස් වෙයි…

(UTV| කොළඹ) –  එළැඹෙන අප්‍රේල් 26 වැනිදා ලොවපුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත ‘ඇවෙන්ජර්ස් ඊන්ඩ් ද ගේම්’ චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ දිනවල කඩිනමින් සිදුවෙන බව වාර්තා වෙයි.

පසුගියදා ලෝ ප්‍රකට සිනමා වෙබ් අඩවියක් වන ‘ටයිම්ස් නව් නිව්’ වෙබ් අඩවිය පවසා ඇත්තේ අප්‍රේල් 26 වැනිදා තිරගත වන චිත්‍රපටයේ ‘ඇවෙන්ජර්ස්’ සුපිරි වීරයන්ගේ නිල ඇඳුම් වෙනස් වී ඇති බවයි.

පසුගිය වසරේ තිරගත වූ ‘ඇවෙන්ජර්ස්’ චිත්‍රපටයට සම්බන්ධ නොවු ‘කැප්ටන් මාවල්’, ‘ඇන්ට් මෑන්’, ක්ලින්ට් බර්ටන් වැනි සුපිරි විරයෝ මෙම චිත්‍රපටය තුළ දක්නට ලැබෙන අතර, ඔවුන්ගේ නිල ඇඳුම්වල වෙනසක්ද මෙහි සිදුව තිබෙන බව සඳහන් වේ.

එමෙන්ම හල්ක්ටද මෙවර අලුත් නිල ඇඳුමක් ලැබී තිබෙන බවටද තොරතුරු වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සත් වසරකට පසු ජායා යළිත් සිනමාවට

Mohamed Dilsad

බාගී තුන්වැන්න 6 වනදා සිට ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

රටපුරා සිනමාහල් ඇරේ

Mohamed Dilsad

Leave a Comment