ප්‍රමුඛ පුවත 1

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අද සිට

(UTV| කොළඹ) – මෙරට දැව කර්මාන්තය සඳහා දැනට භාවිතා කරන සියලුම යාන්ත්‍රික කියත් ලියාපදිංචිය අද(20) සිට ආරම්භ කෙරේ.

අදාල ලියාපදිංචි කිරිමෙන් පසු හඳුනාගැනිම සඳහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරිමට නියමිත බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගත් තීරණයකට අනුව මෙම ලියාපදිංචිය සිදු කරන බවයි.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකව භාවිතා කරන සියලුම යාන්ත්‍රික කියත් ළඟම ඇති පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඒ සඳහා ලියාපදිංචි බලපත්‍රය ලබාගත යුතුවේ.

විශේෂයෙන් යාන්ත්‍රිනික කියත් භාවිතයෙන් සිදු වන ජාවාරම් නතර කිරිම ,වන විනාශය පාලනය කිරිම, සහ ගස් කැපීම නියාමනය කිරිම මෙහි අරමුණ වී තිබේ.

මෙම ලියාපදිංචි කිරිමේ කටයුතු ලබන 28 වනදායි අවසන් වන අතර එදිනට පෙර සියලු යාන්ත්‍රික කියත් ලියාපදිංචි කළ යුතුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩුබායි වලින් ගෙන්වූ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

Mohamed Dilsad

සුළු හා මධ්‍යම ව්‍යවසායකයින් සඳහා ප්‍රථමවරට ඉලෙක්ට්‍රොනික දත්ත පද්ධතියක්

Mohamed Dilsad

තමා දෙදණ නවන්නේ තෙරුවන්ට පමණයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment