ප්‍රමුඛ පුවත 1

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කිරිම හෙට සිට .

(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීම පෙබරවාරි 21 දා කළුතර දිස්ත්‍රික්කයෙන් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (21) පෙරවරු 9.00 ට කළුතර මහ රෝහලෙන් ද, පෙරවරු 11.00 ට බේරුවල මුලික රෝහලෙන් ද, පස්වරු 1.00 ට බණ්ඩාරගම දිසා රෝහලෙන් ද ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට හදුන්වාදීමට නියමිතයි.

පළමු අදියරේ දී රෝහල් 200 කට කාඩ්පත් නිකුත් කිරීමට නියමිතව ඇති අතර විදේශිය ආයෝජනයක් මත ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වා දෙන ලදී.

මෙම කාඩ්පත තුල රෝගිගේ සියලුම වෛද්‍ය වාර්තා, දත්ත ගබඩා කර ඇති අතර රෝගියා රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීම ආරම්භ කර හැක.

ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමෙන් පසු මාස 06 ක් තුල සෑම ජනතාවටම මෙම කාඩිපත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ඇමති රංජිත් මද්දුමබණ්ඩාරට නීතිය හා සාමය අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි

Mohamed Dilsad

ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සැලසීමට යුධ හමුදාවේ සහය

Mohamed Dilsad

Leave a Comment