ප්‍රමුඛ පුවත 1

පොලිස්පතිගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට

(UTV| කොළඹ) – පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරයි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනවාරි මස 14 වැනි දා ප්‍රථමවරට රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටි අතර එම වාර්තාව පසුගියදා අධිකරණයට ඉදිරිපත් කළ බවයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව පොලිස්පතිවරයාගේ කටහඩ සාම්පල ලබා ගැනීමට අධිකරණය පසුගිය දා අවසර ලබාදීමත් සමඟය.

දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ එම චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනගාරගත ව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් දුරකතන සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඬ තිබේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිස්පතිවරයා එලෙස රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ කටහඬ සාම්පල ලබා දුන් බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

හේමසිරි ප්‍රනාන්දු ඇප මත මුදාහැරේ

Mohamed Dilsad

උතුරු-නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන් හෙට වර්ජනයේ

Mohamed Dilsad

මහින්දගේ ආරක්‍ෂාව තර කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අවධානය

Mohamed Dilsad

Leave a Comment