ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ධුරය ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඊයේ(20) පැවති නිල වරණයෙන් තේරීපත්ව තිබේ.

ශ්‍රී ලංකා  නීතීඥ සංගමයේ 2019-2020 වසර සඳහා නව සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම ඊයේ උදෑසන 8.00 ට ආරම්භ විය.

එය පස්වරු 5.00 දක්වා මධ්‍යස්ථාන 84කදී  පැවැත්වුණු අතර දිවයින පුරා නීතීඥවරුන් 15,806ක් මෙහිදී ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලබා සිටියේය.

මෙවර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරය සඳහා ජනාධිපති නීතීඥ කාලිංග ඉන්දතිස්ස සහ නිතීඥ මහින්ද ලොකුගේ යන මහත්වරුන් තරඟග වැදුනු අතර එම සංගමයේ ලේකම් ධුරය සඳහා නීතීඥ කෞෂල්‍ය නවරත්න සහ නිතීඥ සමන් වැලිඅංග යන මහත්වරුන් තරග වැදුණේය.

මොවුන් අද සිය ඡන්දය භාවිත කළේ කොළඹ දිසා අධිකරණ පරිශ්‍රෙය්දීය.

සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා මෙම  නිලවරණයේ තේරීම් භාර නිලධාරීවරයා වශයෙන් කටයුතු කළේය.

එමෙන්ම ප්‍රාදේශීය මට්ටමින් දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරු විසින් ඒ ඒ අධිකරණවලදී තේරීම් භාර නිලධාරීන් ලෙස කටයුතු කරනු ලැබුවේය.

මේ අනුව ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා ඡන්ද 4677ක් ලබා ගත්තේය.

එම ධුරය සඳහා තරග කළ නීතිඥ මහින්ද ලොකුගේ මහතා ඡන්ද 1415ක් ලබාගත් අතර කාලිංග ඉන්දතිස්ස මහතා වැඩි ඡන්ද 3,262කින් සභාපති ධුරයට තේරීපත් විය.

එම සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා තේරීපත්වුණි.

ඒ සඳහා ඔහුට ඡන්ද 5074ක් හිමිවූ අතර එම තනතුර සඳහා තරඟ වැදුණු නීතිඥ සමන් වැලිඅංග මහතාට හිමිව තිබුනේ ඡන්ද 903ක් පමණි.

ඒ අනුව වැඩි ඡන්ද 4171කින් නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා නව ලේකම්වරයා ලෙස තේරීපත් විය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහා 25 වන සභාපතිවරයා සහ ලේකම්වරයා තෝරා පත්කර ගැනීමේ නිලවරණයේ ඡන්ද විමසුම අද(20) පැවැත්වුණි.

 

Related posts

අන්තරේ විරෝධතා අද සහ හෙට

Mohamed Dilsad

මන්ත්‍රී දිනේෂ්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස නියෝගයක්

Mohamed Dilsad

එජාපෙ නායකයා විපක්ෂ නායක ලෙසට පිළිගැනීමට සිදුවනවා – කථානායක

Mohamed Dilsad

Leave a Comment