ප්‍රමුඛ පුවත 1

කන්ජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින පාතාල සමාජික කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කොළොන්නාවේ සාලමුල්ල ප්‍රදේශයේ දීය.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (22) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගැනුණි.

ඔහු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 480ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක් වු මොහොමඩ් නවුෆර් මොහොමඩ් අලි නැමති මොහු අද (23) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

හම්බන්තොට විරෝධතා පැවැත්වුවන්ට ඇප

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව විභාගයට ගැනීමට දින නියම කරයි

Mohamed Dilsad

සජිත් අන්තවාදය වැලැක්වීමට පුළුල් උත්සහයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment