ප්‍රමුඛ පුවත 1

බොරැල්ලේ අනතුරට සම්බන්ධ පස්දෙනෙකු අත්අඩංගුවට.මන්ත්‍රී මහින්දානන්දගේ පුතාද ඒ අතර

(UTV| කොළඹ) – බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් එම ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගෙන ඇතැයි පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුතා ඇතුළු පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල  රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරු හා ලියාපදිංචි හිමිකරු පොලීසියට ඉදිරිපත් වීමෙන් අනතුරුව  ඔවුන් අත්අඩංගුවට ගැණුනි.

එම ඩිෆෙන්ඩර් රථයේ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකු ගමන් කර ඇතැයි වාර්තා වේ.

යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ අලුයම බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලැබූ අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනතුරකට ලක් කර පළාගිය ඩිෆෙන්ඩර් රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තිබී ඊයේ සොයා ගැනුණි.

පසුව ඔවුන් පොලීසියට බාරවී තිබේ.

CCTV දර්ශන වලින් ලබා ගත් තොරතුරු අනුව බත්තරමුල්ල පැලවත්ත පැගෝඩා ගාඩ්න් හි අංක 727 දරණ ස්ථානයේ තිබියදී එම ඩිෆෙන්ඩර් රථය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 ක් වු රියදුරු වශයෙන් සේවය කළ රත්නායක මුදියන්සේලාගේ නවිදු ඔමේෂ් රත්නායක නැමති පොතුඅරාව, තලංගම උතුර, මාලඹේ යන ලිපිනයේ පදිංචිකරුවෙකි.

ඩිෆෙන්ඩර් රථයේ හිමිකරුවා ලෙස වයස අවුරුදු 27 ක් වු රංචිගොඩ ආරච්චිගේ විසිත ශ්‍රී විජේසේකර නැමති, ගාලුපාර, කොළඹ 3 යන ලිපිනයේ පදිංචි තරුණයෙක් ද පොලීසියට බාර වී ඇත.

මේ අතර, අනතුර සිදුවන අවස්ථාවේ දී ඩිෆෙන්ඩර් රථය සමඟ පැමිණි තවත් ප්‍රාඩෝ වර්ගයේ රථයක් රියදුරු සමඟ එහි ගමන්කල පුද්ගලයෙකු ද ඊයේ දිනයේ දී බම්බලපිටිය පොලිස් ස්ථානයට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්ව තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ රියදුරු ලෙස සිට ඇති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන ධම්මික අටිගල මහතාගේ පුත්‍රයා වන, වයස අවුරුදු 28 ක් වු දුමින්ද සුදම්මික ආටිගල නැමති, කොළඹ 3 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ප්‍රාඩෝ රථයේ ගමන් කළ වයස අවුරුදු 23 ක් වු කිරන් මැතිව් දනිස් නැමති සුනේත්‍රා දේවී මාවත, පැපිලියාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් 4 දෙනාම අද(25) දින අළුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රඩෝ රථයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇතැයි පොලීසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සාමාන්‍ය පෙළ සියලු උපකාරක පන්ති හා දේශන හෙටින් අවසන්

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමත් ප්‍රමාද වෙයි

Mohamed Dilsad

Leave a Comment