ප්‍රමුඛ පුවත 1

බරපතල ගණයේ පැමිණිලි දෙකක් ගැන ජනාධිපති කොමිසමන් විමර්ශනය.

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල සිදුව ඇති අක්‍රමිකතා පිළිබදව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තමන් වෙත ලැබී ඇති 150 ක් පමණ වූ පැමිණිලි අතුරින් බරපතල ගණයේ තවත් පැමිණිලි දෙකක් විමර්ශනය කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවට අයත් කොළොන්නාව නිමාවේ සේවක පිරිසක් රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුකිරීම, මානව සම්පත් නියෝජ්‍ය කළමනාකාරවරයා සහ ප්‍රවාහන බෙදා හැරීම් අංශයේ ප්‍රධානියා දූෂිත අන්දමින් අයථා ලෙස අත්තිකාල මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම යන පැමිණිල්ල විමර්ශනය කිරීමට නියමිතව තිබේ.

මීට අමතරව කැළණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය නිකුත් කර ඇති චක්‍රලේඛවලට පටහැනිව ප්‍රජා මණ්ඩල සඳහා කොන්ත්‍රාත් ලබාදීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ද විමර්ශනය සිදුකරන බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොටස් වෙළදපොළේ මිල දර්ශක ඉහළට.

Mohamed Dilsad

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment