ප්‍රමුඛ පුවත 1

කලකට පසු සිකුරු ග්‍රහයා දකින්න

සෞරග්‍රහ මණ්‌ඩලයේ සිකුරු ග්‍රහයා හෙට දිනයේ පියවී ඇසින් දැක ගැනීමට හැකි වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
පෝය දින වන හෙට (12 ) සිකුරු ග්‍රහලෝකය වඩාත් දීප්තිමත්ව සහ පැහැදිලිව දිස් වනු ඇති.

 

පෝය දින ඉර බැස ගිය පසු සිකුරු ග්‍රහයා දීප්තිමත්ව ලෙස පෘථිවිය ආසන්නයට පැමිණෙන බව ද චන්දන ජයරත්න මහතා පැවසීය.
මෙහිදී ඉර බැස ගිය පසු පැය තුනක්‌ පමණ සිකුරු ග්‍රහයා පැහැදිලිව දැක බලාගත හැකි වෙතැයි විශ්වාස කෙරේ.

 

සිකුරු ග්‍රහයා එදින තෙවැනි දීප්තිමත් ග්‍රහලෝකය වන බව ද, මෙවැනි සිදුවීමක්‌ ලබන වසරේ අගෝස්‌තු මාසයේදී ද සිදුවන බව ද ජයරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වර්ජනයකට

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් 143 දෙනෙකුට ලක්ෂ 40ක ත්‍යාග මුදලක්

Mohamed Dilsad

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

Leave a Comment