ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් “නැණ ශක්ති” වැඩසටහනට එක්වෙයි

(UTV| කොළඹ) – පාසල් සමූපකාර සමිති ආරම්භ කිරීම සහ සමූපකාර අලෙවිසැල් පිහිටුවීම සඳහා මූලාධාර ලබාදීමේ “නැණ ශක්ති” වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, වොක්ෂෝල් වීදිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය යටතේ එක් පාසලකට රුපියල් ලක්ෂ 05ක මුදලක් පිරිනැමේ. පාසලේ 6 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන්ගේ සහභාගීත්වයෙන් පාසල් සමූපකාර සමිති පිහිටුවනු ඇත.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්. කේ.ඩී රංජිත් අශෝක, ගරු අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ඉර්ෂාඩ් රහමතුල්ලා, සමුපකාර කොමසාරිස් එස්.එල්. නසීර්. සමූපකාර නායකයන්, පාසල් සිසුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෝගස්වැව සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

Mohamed Dilsad

තැපැල් වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රී සිට සංකේත වැඩ වර්ජනයක

Mohamed Dilsad

2016 දී සිදුවූ රිය අනතුරු සංඛ්‍යාව 35199ක් – ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක කියයි

Mohamed Dilsad

Leave a Comment