ප්‍රමුඛ පුවත 1

උඩුනුවර සහ යටිනුවර මුස්ලිම් පල්ලි සහ දහම් පාසැල් වල ගැටළු සොයා බැලේ

(UTV|මහනුවර) – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ අබ්දුල් හලීම් මහතාගේ උපදෙස් මත එම අමාත්‍යංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මෙහෙයවීමෙන් , මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර හා යටිනුවර මැතිවරණ කොට්ඨාශවල ඇති මුස්ලිම් පල්ලි සහ දහම් පාසල් සම්බන්ධව ඇති ගැටළු පිළිබද සාකච්ඡාවක් මාර්තු 02 වනදා දවුලකල වහංකේ අර්ෆා මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා පැවැත්වෙන මෙම සාකච්ඡාවේ ප්‍රධානත්වය අමාත්‍ය එම්.එච්.ඒ අබ්දුල් හලීම් මහතා විසින් හොබවන බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය පවසයි.

මෙම සාකච්ඡාව සදහා උඩුනුවර හා යටිනුවර මැතිවරණ බලප්‍රදේශයන්ට අයත් ප්‍රදේශවාසීන් හා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සහභාගී වීමට නියමිත බවද එම අමාත්‍යංශය සදහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයගේ ප්‍රකාශය පිළිගත නොහැකි – නාමල් කරුණාරත්න [VIDEO]

Mohamed Dilsad

නිදහස ලැබූ ඥානසාර හිමි ජනපති හමුවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ගෝඨාභය රාජපක්ෂට

Mohamed Dilsad

Leave a Comment