ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව මාර්තු 15දා

(UTV| කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුවක් මාර්තු මස 15  වැනිදා යළි කැඳවීමට නියෝග කෙරේ.

ඒ මෙම නඩුව අද(01)  කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

මෙහිදී විත්තිකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ චෝදනා ගොනු කර තිබෙන ආකාරය සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව නඩුව නැවත ලබන 15 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල එදිනට අදාළ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට පියවර ගන්නැයි විත්තියේ නීතිඥවරුන්ට නියම කළේය.

පසුගිය රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

.

Related posts

ලංගමය විසින් නවීන බස් රථ 2000 ක් ආනයනය කිරීමට සැරසේ…

Mohamed Dilsad

ලංකාවේ කොරෝනා ආසාදිත පිරිස යළිත් ඉහළට [UPDATE]

Mohamed Dilsad

ඕස්ට්‍රේලියානු ශ්‍රී ලාංකික යුවල පිටුවහල් කිරීම ගැන තීන්දුව දීම කල් යයි

Mohamed Dilsad

Leave a Comment