ප්‍රමුඛ පුවත 1

කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් ජලය නෑ

(UTV| කොළඹ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.

ඒ අනුව අද(02) රාත්‍රී 9.00 සිට හෙට(03) පස්වරු 3.00 දක්වා කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට අදාළ කාල සීමාව තුළ ජල සැපයුම අත්හිටුවනු ඇත.

මහ කොළඹ ජල හා අප ජල වැඩි දියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ සිදු වන නවීකරණ කටයුත්තක් වෙනුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලැබේ.

එම කාල සීමාව තුළ කොටුව සහ පිටකොටුව ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සපයන බවද ජල සම්පාදන මණ්ඩලය පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අගුණකොලපැලැස්ස විරෝධතාවය මෙහෙයවූ රැඳවියන් පිරිසක් මාරු කෙරේ

Mohamed Dilsad

කෝටි දෙකක රත්‍රන් සමඟ ගුවන් යානා කාර්යමණ්ඩල සාමාජිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අද සිට විදුලිය කැපීම කාල සටහනකට අනුව..

Mohamed Dilsad

Leave a Comment