ප්‍රමුඛ පුවත 1

ඉදිරියේදී ශ්‍රී ලංකාව අවයව බද්ධ කිරීමේ කේන්ද්‍රස්ථානයක්.

(UTV| කොළඹ) – ලබන මස ජාතික රෝහලෙන් ආරම්භ කිරීමට නියමිත ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරීමේ පළමු අදියර සිදු කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු “මෙඩිකෙයා 2019” ජාතික සුව සේවා ප්‍රදර්ශණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මේ බව ප්‍රකාශ කරේය.

මෙහි පළමු අදියර යටතේ කෘත්‍රීම පාද නිර්මාණය සහ අනතුරකට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර කිරීම සිදු කෙරේ.

මෙහිදී ත්‍රිමාණ තාක්ෂණයෙන් ප්‍රතිකාර කිරිම සදහා අවශ්‍ය උපකරණ විදේශීය රටවලින් ගෙන්වීමට නියමිත අතර එවැනි උපකරණ ශ්‍රී ලංකාවේ දී නිෂ්පාදනය කිරිමට ද නියමිතව තිබේ

හදිසි අනතුරකට ලක් වූ රෝගියෙකුගේ කකුල හෝ හිස තුවාල වී ඇත්නම් එය පෙර පැවැති ආකාරයටම නිර්මාණය කිරිමට ත්‍රිමාණ තාක්ෂණයට හැකියාව ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් අර්ජුන් සිං සිදූ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා ෆෙන්සේ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අමල් හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම්.එච්.එම් රූම් යන මහත්ම මහත්මීන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

Mohamed Dilsad

අරුවක්කාලු කසල විරෝධතා වලට අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

පාසැල් නිවාඩු කාලට තුළ විශේෂ දුම්රිය සේවා

Mohamed Dilsad

Leave a Comment