(UTV| කොළඹ) – එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා මාතෘ භූමිය මුථමනින් නිදහස් කරගත් රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රණවිරු සැමරුම් වසරක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.
දිවිපිදු , අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් ක්‍රියාත්මක කරමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙයි.
2019 වසරේ දී රණවිරු විජයග්‍රහණයට දස වසරක් සපිරෙන මෙම රණවිරු සැමරුම් වසර ප්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
තවද ඒ හා සමගාමී ව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් ඊයේ (05) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳ වීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]