ප්‍රමුඛ පුවත 1

නව ලේකම්වරු තිදෙනෙක් පත් කෙරේ

(UTV| කොළඹ) – රාජ්‍ය අමාත්‍යංශ කිහිපයක් සඳහා නව ලේකම්වරුන් පත් කෙරේ.

ඊට ඊයේ (06) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ සුනිල් සමරවීර මහතා පත් කර ඇත.ඔහු මීට පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ එන්. කේ. ජී. කේ. නැම්මොවත්තය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස මහවැලි අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ මාපා පතිරණ පත්කර තිබේ.

මේ අතර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ජයසිරි විජේනාත් තෙන්නකෝන් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඔහු කම්කරු අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස මේ දක්වා කටයුතු කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොස්මල්ලී ඝාතනයට යොදා ගත් අවිය සොයා ගනී

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව ඇත්තේ එජාපයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment