ප්‍රමුඛ පුවත 1

දුම්රිය වර්ජනය අවසන්(UPDATE)

(UTV| කොළඹ) – ඊයේ(08) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කර තිබේ.

දුම්රිය රියදුරන්ගේ සංගමය පැවසුවේ දුම්රිය රියදුරන් නවාතැන් ගන්නා දෙපාර්තමේන්තුවට අයත් බංගලාවල කණිෂ්ඨ කාර්ය මණ්ඩල වගකීම්වලින් නිදහස් කිරීමට සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කිරීම එසේම එම නවාතැන් බංගලාවල නවීකරණ කටයුතු සිදුනොකිරීමට  විරෝධය පල කරමින් මෙම වර්ජනය ආරම්භ කළ බවයි.

ඒ හේතුවෙන් අද අලූයම දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු වී තිබේ.

කෙසේ වෙතත් එම ගැටළු නිරාකරණය කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා  දුරකථනයෙන් දැනුම්දී ඇත.

ඉන් පසුව මෙම වර්ජනය අවසන් කළ  බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩමහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බොරු න්‍යායන් නොමැතිව අධ්‍යාපන ක්ෂේත්‍ර නඟා සිටුවන්න – ජනපති [VIDEO]

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක්

Mohamed Dilsad

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට සිහිකැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment