ප්‍රමුඛ පුවත 1

අධික උණුසුම නිසා විදුලි පරිභෝජනය ඉහලට.

උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්ක වල අද (09) දිනයේදී දැඩි උණුසුම් කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් විදුලිබල පද්ධතියේ දෛනික විදුලි අවශ්‍යතාව ඉහළ ගොස් ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කරයි.

අධික උණුසුම හේතුවෙන් විජලනය සහ මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවීමේ හැකියාව පවතින බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තත්ත්වය  නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කර, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් , එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතුවල නිරතවීමෙන් වළකින ලෙසත් එම දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය කාලය හා සසඳන විට අද (09) දිනය වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගා වොට් 42 යි දශම 4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් මෙම තත්ත්වය ඉදිරි කාලය තුලද පවතිනු ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය.

පවතින තත්ත්වය හේතුවෙන් ඉහළ යන විදුලි ඉල්ලුම අනුව, විදුලිබලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙස එම අමාත්‍යාංශය, පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීම් කර සිටියි.

Related posts

ජනපති අද යාපනයට

Mohamed Dilsad

ඥානසාර හිමියන් වරදකරු වෙයි

Mohamed Dilsad

පුජිත් සහ හේමසිරි යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment