ප්‍රමුඛ පුවත 1

පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්

(UTV| කොළඹ) – පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස ලලිත් සෙනවීර මහතා පත්කර කර තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා විසින් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වූ ලලිත් සෙනවීර මහතාට සභාපති ධූරයට අදාළ පත්වීමේ ලිපිය 08දා ලබා දුන්නේය.

පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්වූ ලලිත් සෙනවීර මහතා යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු මෙන්ම, පශ්චාත් ගෞරව උපාධිධරයෙකුද වේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද, එම ආයතනයේම ප්‍රධාන විධායක නිලධාරී ලෙසද, වසර 36ක් සේවය කර තිබේ.

එමෙන්ම විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ යටතේ ඇති ආයතන 15කින් හොඳම අධ්‍යක්ෂ ජනරාල්වරයා 2013 සිට 2016 කාලයේදී තේරී පත්වීමට එතුමාට හැකිවිය.

තත්ත්ව කළමනාකරනය සහ කර්මාන්ත ක්‍ෂේත්‍රය නැංවීමට 1994 වසරේදී අයි.එස්.ඕ 9000 ප්‍රමිති ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට ද එතුමා පුරෝගාමී විය.

ප්‍රමිතිකරණයට දැක්වූ විශිෂ්ඨත්වය නිසා රටවල් 163ක සාමාජිකත්වය ඇති අන්තර්ජාතික ප්‍රමිති ආයතනයේ අයිඑස්ඕ ඩෙව්කෝ හි සභාපති ධූරයට පත්වූ පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ එතුමායි. එංගලන්තයේ වරලත් තත්ත්ව ආයතනයේ වරලත් කළමණාකරණ වෘත්තීය සුදුසුකම ලබාගත් එකම ශ්‍රී ලාංකිකයාද වන ඔහු, ජර්මනියේ,කාබන් විමෝචනය අඩු කිරීම පිළිබඳව ලෝකය පිළිගත් ආයතන ඇගයීමේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සම්මුතියේ සංවර්ධන යාන්ත්‍රණය පිළිබඳ වරලත් විගණක විශේෂඥයෙකු ලෙස ද කටයුතු කර ඇත. එහිදී චීනය, ජපානය, කොරියාව, ආදී රටවල ආයතන විශ්ලේෂණය තුළින් දායක්තවය දී ඇත.

එමෙන්ම මෙරට විශ්වවිද්‍යාල රැසක පශ්චාත් ව්‍යාපාර කළමනාකරණ උපාධි පාඨාමාලා බාහිර කථිකාචාර්යයවරයෙකු ලෙස ද කටයුතු කරන ඔහු, තත්ත්ව කළමණාකරණය පිළිබඳ ග්‍රන්ථ 03ක් රචනා කර ඇත. පර්යේෂණාත්මක සහ ප්‍රමිතිය සම්බන්ධ ලේඛන රැසක් ද රචනා කර ඇති එතුමා, යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි. කළමනාකරන ආචාර්යය උපාධියද, විද්‍යාවේදී උපාධියද, පශ්චාත්
ගෞරව උපාධියද ලබා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොල්තෙල්, ෆාම් ඔයිල් වල මිල ගණන් ඉහළට

Mohamed Dilsad

සන්නිවේදන උපකරණ තොගයක් සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

බන්ධනාගාර බස් රථයට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment