ප්‍රමුඛ පුවත 1

කැබ් රියක අලියෙක් ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට.

අද (11) කරුවලගස්වැව ප්‍රදේශයේ දී කැබ් රථයක වල් අලියකු ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ පුද්ගලයකු  මිය ගොස් ඇතිබව පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් බව පොලිසිය සඳහන් කරයි .

සිද්ධිය සම්බන්ධයෙන් කරුවලගස්වැව පොලීසිය හා කරුවලගස්වැව වනජීවි කාර්යාලය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ලබන සතියේදි

Mohamed Dilsad

තද සුළඟින් අම්පාරේ නිවාස රැසකට හානි

Mohamed Dilsad

මහවැලි ගොවීන්ට සූර්ය බල විසුරුම් ජල සම්පාදන ක‍්‍රම හඳුන්වාදීම සඳහා නව ව්‍යාපෘතියක්

Mohamed Dilsad

Leave a Comment