ප්‍රමුඛ පුවත 1

වාස් ගුණවර්ධනගේ අභියාචනා විභාගයට ගැනීමට දින නියම වෙයි

(UTV| කොළඹ) – කෝටිපති ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි.

ඒ අනුව එම අභියාචනා මැයි මස 21 වනදා සිට විභාගයට ගැනීමට නියමිතය.

එම අභියාචනා පෙත්සම් අද(12) කැඳවනු ලැබුවේ සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේය.

මෙහිදී විත්තියේ නීතිඥවරුන්,මෙම අභියාචනා විභාග කිරීම සඳහා දිනයක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි අතර අදාළ අභියාචනා මැයි මස 21 වනදා සිට විභාගයට ගැනීමට නියමිතය.

හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ  ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවනු ලැබුවේ වසර 2013දී බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් දොම්පෙ ප්‍රදේශයේ දී මරා දැමීමේ චෝදනා වලට වරදකරු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සජිත්ගේ 100 වන ජන රැලියේදී ජනතාවට විශේෂ පොරොන්දුවක්

Mohamed Dilsad

මදුෂ් සමඟ සිටි තවත් දෙදෙනක් දිවයිනට…

Mohamed Dilsad

බැදුම්කර සිද්ධිය ස්වාධීන අධිකරණයකට

Mohamed Dilsad

Leave a Comment