ප්‍රමුඛ පුවත 1

මහින්දට එරෙහි පෙත්සම රනිල් පාර්ශවය ඉල්ලා අස් කරගනී

(UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙදෙනෙකු ගොනු කර තිබූ කෝ වරෙන්ටෝ රීට් ආඥා පෙත්සම ඉල්ලා අස් කර ගනී.

අද(12) එහි පෙත්සම්කාර පාර්ශවය අභියාචනාධිකරණය හමුවේදී එම පෙත්සම ඉල්ලා අස්කර ගෙන තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු 122 කු එම පෙත්සම ගොනු කර තිබිණ.

පසුගිය ඔක්තොම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාට හා 48 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිත්‍යානුකුල අයිතියක් නොමැති බවට නිගමනය කර එම ධුරවලින් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

එම පෙත්සම දින අභියාචනාධිකරණ විනිසුරු අර්ජුණ ඔබේසේකර මහතා හමුවේ කැදවු අවස්ථාවේදී පෙත්සම්කාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන මේ වන විට ලැබි ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වා ගෙන නොයන බවට අධිකරණයට කරුණු දැක්වූ අතර පෙත්සම්කාර පාර්ශවයට එම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභයට එරෙහි ඇවන්ට් ගාඩ් නඩුව අද

Mohamed Dilsad

අකිල රාත්‍රියේම ජනපති කොමිසමට යයි

Mohamed Dilsad

පළාත් පාසල් 8ක් ජාතික පාසල් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment