ප්‍රමුඛ පුවත 1

පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි.

 

(UTV| කොළඹ) – බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවන අතර දකුණු පළාතේ උදෑසන කාලයේදී වැසි ඇති වේ.

දිවයින වටා මුහුදු  ප්‍රදේශවල සුළං ඊසාන දිශාවෙන් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 15-30 බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැයි 9 සහ 10 ගුරුවරුන් ලෙඩ නිවාඩු ගැනීමට සැලසේ.

Mohamed Dilsad

විපතටපත් මෙරට ජනතාවට මුදල් පරිත්‍යාග කිරීමට විදෙස් ගත ඔබටත් හැකියාව

Mohamed Dilsad

සාමය සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අද කොළඹදී

Mohamed Dilsad

Leave a Comment