ප්‍රමුඛ පුවත 1

උතුරේ සියලු පාසල් 13 වැසේ

උතුරු පළාතේ සියලුම පාසල් ලබන ජනවාරි මස 13 වන දින වසා තැබෙන බව උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

 

12 වන දින පසළොස්වක පොහෝ දිනය බැවින් සියලුම පාසල් නිවාඩු බැවින් හා 14 වන සෙනසුරාදා දිනට මෙවර තෛපොංගල් නිවාඩු දිනය යෙදී තිබේ.

 

එබැවින් ඇතිවිය හැකි ගැටළු හේතුවෙන් මෙලෙස 13 වන දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත් කළ බව උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඊ.රවීන්ද්‍රන් මහතා පවසයි.

 

කෙසේ වෙතත් මෙම අතිරේක නිවාඩු දිනය වෙනුවට ජනවාරි 21 වන සෙනසුරාදා දිනයේ උතුරේ පාසල් පැවැත්වීමට තීරණය කර තිබේ.

Related posts

බස් ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

Mohamed Dilsad

හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට CID ය සුදානම්

Mohamed Dilsad

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

Leave a Comment