ප්‍රමුඛ පුවත 1

ජනපති කොමිසමට පත්කළ නව සාමාජිකයින්

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමට නව සාමාජිකයින් දෙදෙනෙකු පත් කරයි.

අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර තිබේ.

ඒ අනුව එම සාමාජිකයින් දෙදෙනා වන්නේ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එම්.පී. ධර්මවර්ධන මහතා හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩබ්ලිව්.කේ.කේ. කුමාරසිරි මහතායි.

කොමිසමේ සාමාජිකයින් වන විශ්‍රාමික විගණකාධිපති පී.ඒ. පේමතිලක හා විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ලලිත් ආර්. ද සිල්වා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූර සඳහා ය.

පසුගිය ජනවාරි මස 14 වන දා පත් කළ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා කටයුතු කරන අතර සෙසු සාමාජිකයින් ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සරෝජනි කුසලා වීරවර්ධන මහත්මිය හා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය අමරසිංහ මහතා කටයුතු කරති.

මෙම කොමිසමට මේ වන විට පැමැණිලි 900ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආපදා ප්‍රදේශවලට අමතර පොලිස් කණ්ඩායම්

Mohamed Dilsad

සේවක වර්ජනය ජල සැපයුමට බාධාවක්ද?

Mohamed Dilsad

Leave a Comment