ප්‍රමුඛ පුවත 1

මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පත්කිරීම මාර්තු 17 දා අගමැති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – යහපාලන රජය විසින් සංවර්ධනය කර වැඩ අවසන් කරන ලද මාර්ග ව්‍යාපෘති 200ක් මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමාගේ “රන් මාවත්” සංකල්පය යටතේ ජනතා අයිතියට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාර්තු 17 වනදා පැවැත්වෙමට් නියමිතය.

මෙහි සමාරම්භය මාවනැල්ල හෙම්මාතගම ගම්පොල මාර්ගය, මාවනැල්ල – අරණායක මාර්ගය, මාවනැල්ල – රඹුක්කන යන මාර්ග සහ ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක යාකරමින් ඉදි කල කොච්චිකඩේ නව පාලම ජනතා අයිතියට පත් කරමින් සිදු කෙරෙනු ඇත.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එදින පෙ.ව. 09.00ට මාවනැල්ල නගරයේදී සහ කොච්චිකඩේ පාලම අසලදී පෙ.ව.10.30ට සමාරම්භක උත්සවයන් පැවැත්වේ. මීට සමගාමීව දිවයිනේ සියලූ දිස්ත්‍රික්ක ආවරණය වන පරිිදි “රන් මාවත්” මාර්ග ව්‍යාපෘති 200ක් ජනතා අයිතියට පැවරෙන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කර ඇති සමස්ත මුදල රු.කෝටි 3000කට අධික වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික පාසල් විදුහල්පතිවරුන්ට පැනවෙන අලුත්ම කොන්දේසි.

Mohamed Dilsad

ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රටවල් කීපයක තානාපතිවරුන් සහ ජනාධිපති අතර හමුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment