ප්‍රමුඛ පුවත 1

පාසල් සිසුවියක් දූෂණය කල ගුරුවරයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – මොණරාගල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දාහතර හැවිරිදි පාසල් සිසුවියක් දූෂණය කල සැකකරුවකු ඇතිමලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ගුරුවරයා නිවසේදී හා පාසලේ දී අවස්ථා හතර කදී මෙම දැරිය දූෂණය කර ඇතිබව පොලිසිය පවසයි.

එම ගුරුවරයා සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි හතලිස් හය හැවිරිදි අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී අතවරයට ලක් වූ දැරියගේ ජායාරූප සහ තවත් දරියක් සමග ලබාගත් ජායාරූප කිහිපයක් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

ඇතිමලේ පොලිසිය විසින් තවදුරටත් පරීක්ෂණ සිදුකරන අතර සැකකරු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගෝඨාභය රාජපක්ෂට එරෙහි තහනම 28 වන දා කල් යයි

Mohamed Dilsad

බීමත් රියදුරන් 139 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment