ප්‍රමුඛ පුවත 1විදෙස්

නවසීලන්තයේ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළට

(UTV| කොළඹ) – නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවරදී මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 49 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

ක්‍රයිස්චර්ච් නුවර පිහිටි අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙක තුල මෙම වෙඩි තැබීම සිදු විය.

මෙහිදී තුවාල ලැබූ තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේවමෙහෙයට සහභාගී වීම සඳහා පැමිණ සිටි පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී අල් නූර් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා රැඳී සිට තිබේ.

මෙමෙ සිද්ධියෙන් පසු ක්‍රයිස්චර්ච්හි සියලු පාසල් වසා දමා ඇති අතර, ගුවන්තොටුපොළ ඇතුළු නගරයේ ආරක්ෂාව තර කර ඇතැයි නවසීලන්ත පොලීසිය පවසයි.

මේ හේතුවෙන් හෙට පැවැත්වීමට නියමිතව තිබූ බංග්ලාදේශ – නවසීලන්ත තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය අවලංගු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් අද තීරණාත්මක සාකච්ඡාවක්…

Mohamed Dilsad

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Mohamed Dilsad

අනුර සේනානායක යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment