ප්‍රමුඛ පුවත 1

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

ත්‍රිපිටකාභිවන්දනා සතිය අද සිට ලබන 23 වන දා දක්වා ක්‍රියාත්මක කෙරෙන බව රජය පවසයි.

ථේරවාදී ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කෙරෙන යෝජනාවට පූර්වගාමීව මෙම සතිය ක්‍රියාත්මක කෙරේ.

ලබන 23 වන දා එම යෝජනාව යුනෙස්කෝ සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රි ලංකාව ඉදිරිපත් කරන මෙම යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ලබන 23 වන දා ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මහ මළුවේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.

ත්‍රිපිටකාභිවන්දනා සතිය පුරා ආගමික වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර ඇති අතර එම සතිය පුරා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන මෙන්ම නිවාස, රථ වාහන හා මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන ලෙස රජය ඉල්ලෙමක් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පී.එස්.එම්. චාල්ස් මහත්මිය යළි රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට

Mohamed Dilsad

තැපැල් වර්ජනයට වෘත්තිය සමිති 18 ක සහය

Mohamed Dilsad

පාඨලිව බන්ධනාගාරගත කිරීම පිළිබඳ පක්ෂ විපක්ෂ අදහස් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment