ප්‍රමුඛ පුවත 1

කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක්

(උදයම්,යාපනය)  – චාවකච්චේරි  බටහිර පේසාලේ ප්‍රදේශයේ තිබී රුපියල් කෝටි 2 ක් පමණ වටිනා කේරළ ගංජා තොගයක් සොයා ගනී.

එම ප්‍රදේශයේ කුඹුරක පාර්සල් කිහිපයක් දමාගොස් ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව අද (10) උදෑසන පොලිසිය එම පාර්සල් තොගය සොයා ගෙන ඇත.

එම පාර්සල් පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී කිලෝග්‍රෑම් 231 ක බරින් යුත් කේරළ ගංජා තොගය සොයා ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

යතුරුපැදි අනතුරකින් පිය පුතු මොලොව හැර යයි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය ජාතික නව වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන අවස්ථා සොයන බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට සූදානම් – අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි

Mohamed Dilsad

Leave a Comment