ප්‍රමුඛ පුවත 1

චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් – විදුලිබල ඇමති

(UTV|යාපනය) – මෙම බලාගාරයෙන් උත්පාදනය කළ හැකි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට හැකි ඉක්මණින් එක් කිරීමට අවශ්‍ය පියවර ගන්න” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඇතුළු අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා ලබාදෙයි.

අමාත්‍යවරයා විසින් මෙසේ උපදෙස් ලබා දුන්නේ වව්නියා සහ යාපනය ප්‍රදේශයන්ගේ පැවති නිල සංචාරක් අතරතුර චුන්නාකම් විදුලි බාලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

අදාළ ප්‍රදේශයන්ගේ විදුලිබල අවශ්‍යතා, එම ප්‍රදේශවල ජනතාව විදුලිය ලබාගැනිම සහ පරිභෝජනයේදී මුහුණපාන ගැටළු සහ දුෂ්කරතා හදුනා ගනිමින් ඒවාට පිළියම් යෙදීමත්, එම ප්‍රදේශයන්හි නව පුනර්ජනනීය විදුලි උත්පාදන අවස්ථා ඇති කිරීමේ හැකියාවන් පිළිබද සොයා බැලීමත් මෙම සංචාරයේ මූලික අරමුණු විය.

මෙම සංචාරයේදී අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය , නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය මෙන්ම නොදර්න් පවර් කාර්යාලයේද නිරීක්ෂණයකට එක්වූ අතර එහිදී සේවක පිරිස් සමග අදහස් හුවමාරු කරගත් අතර අදාළ කාර්යාලයන්හි සිදුවිය යුතු අළුත්වැඩියා කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු පිළිබදවද අදාළ අංශ වෙත උපදෙස් සපයන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාමසාන් උපවාසය හෙටයි

Mohamed Dilsad

උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයන් 1631 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment