ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානයේ ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් ආරාධනා

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර ආයෝජන ආරක්ෂක  ප්‍රවර්ධන ගිවිසුමක් හා කොළඹ සිට කාබුල් දක්වා සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට අදාල මූලික සාකච්ඡාවක් ,ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා හා කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචිකිරීමේ සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතර පසුගියදා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පැවැත්විනි.

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් අයුරින් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්වුනු අතර දෙරට අතර ඇරඹීමට යෝජිත  ආයෝජන ආරක්ෂක හා ප්‍රවර්ධන ගිවිසුම පිලිබඳවද විශේෂ වශයෙන් සාකච්ඡා කෙරුනු අතර එම ගිවිසුම සම්බන්ධ කෙටුම්පතක්ද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට පිලිගන්වන ලදි.

මෙහිදී අදහස් පලකල එරට තානාපතිවරයා ප්‍රකාශකර සිටියේ ඇෆ්ගනිස්ථානය රත්‍රන්,තඹ,යුරේනියම් ,යකඩ වැනි ඛනිජයන්ගෙන් පොහොසත් රටක් බවත් ශ්‍රී ලංකාව වැනි රටක් තම රට සමග ආයෝජන අවස්ථා ඇතිකර ගැනීම සතුටට කරුණක් බවත්ය.විශේෂයෙන් මෙරට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය වරයා වශයෙන් රිෂාඩ් බදියුදීන් මැතිතුමාට දෙරට අතර මෙම ආයෝජන අවස්ථා ඇතිකිරීම සඳහා මැදිහත්ව කටයුතු කරන ලෙසද ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථානු තානාපති අශ්රෆ් හයිඩාරි (Ashraf haidari) මහතා විශේෂයෙන් ඉල්ලා සිටින ලදි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනමාධ්‍යවේදීන්ටම වෙන්වූ වැඩමුළුවක්

Mohamed Dilsad

චීන රජයෙන් පොලිස් දෙපාර්තමේන්තුවට ජීප් රථ 10 ක්

Mohamed Dilsad

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයට වෙනත් විකල්ප දිනයක්

Mohamed Dilsad

Leave a Comment