ප්‍රමුඛ පුවත 1

පුත්තලමේ කුණුවලට විරුද්ධ ඇමති රිෂාඩ්ට ෆේස්බුක් කැරැල්ලක්

(UTV| කොළඹ) – කොළඹ මහ නගර සභාවේ හා තවත් පලාත් පාලන ආයතන රැසක දෛනිකව එක්රැස්වෙන කැලි කසල පුත්තලම අරුවක්කාලු ප්‍රදේශයට ගෙන ඒමට විරුද්ධව එම ප්‍රදේශයේ ජනතාව සමග එක්ව කටයුතු කරන තම පක්ෂයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ගෙන යනු ලබන අසත්‍ය හා පදනම් විරහිත ප්‍රකාශ පිටුපස ආණ්ඩුවේම ඇතැම් දේශපාලන නායකයින් සිටින බවට තමා විශ්වාස කරන බවත්, ඒ පිළිබඳව සොයා බලා ඔවුන්ට විරුද්ධව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක,බස්නාහිර පලාත් සභා මන්ත්‍රී මොහොමඩ් ෆායිස් මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන මන්ත්‍රීවරයා “අපේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා පුත්තලමට කසල දාන කටයුත්තට මුල ඉඳලම විරුද්ධවයි කටයුතු කලේ.ඇත්තටම මේ විදියට කිලෝමීටර සිය ගණනක් දුර ගෙවාගෙන ගිහින් පුත්තලමට කුණු දාන එක කොහෙත්ම ප්‍රායෝගික නැහැ.ඒක පුත්තලමේ ජනතාවට කරන ලොකු අසාධාණයක්.මේ කොළඹ කසල වලින් විදුලිය නිපදවන්න පවා ඇතැම් රටවල් ඉදිරිපත්වුනා.එහෙම තියෙද්දී මේ පුත්තලමට කුණු දාන්න ජනතාවගේ මුදල් නාස්ති කරන එක පිලිකුල් සහගතයි”.

“මේ කුණු විකුණගෙන කෑමට විරුද්ධව පුත්තලමේ ජනතාව වෙනුවෙන් ඉන්න රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට මේ දිනවල විල්පත්තුව ගැන කියමින් අසංවර ලෙස මඩ ගහනවා.පරිසරය වෙනුවෙන් ඉන්නවා කියන ඇතැම් හිමිවරුන් පවා මේ ප්‍රශ්නයේදී පුත්තලමට නිහඩයි.ඒත් ඔවුන්ගේ සමාජ මාධ්‍ය හරහා මේ දිනවල හදිසියේම විල්පත්තුව පත්තුවෙලා.මේ පිළිබඳව කරුනු හොයාබලන ඕනෑම කෙනෙකුට වැටහෙනවා ඇයි මොවුන් මේ විදියට හැසිරෙන්නේ කියල.ඔවුන්ට වුවමනායි පුත්තලමේ මේ කුණු ප්‍රශ්නයෙන් රිෂාඩ් බදියුදීන් ඉවත් කරන්න.ඔහු මේ සිද්ධියේ හිටියොත් ඇතැම් දේශපාලනඥයින්ට කොළඹ කුණු විකුණගෙන කන්න බැරිවෙනවා.ඒක නිසා මේ විදියේ ඊනියා පරිසර සංවිධාන හා මුදලට විකිනෙන ඇතැම් සමාජ මාධ්‍ය මේ දේශපානඥයින්ගේ මුදලට යටවෙලා මේ විදියට මඩ ගහනවා”.

“මේ දේශපාලනඥයින් කියනවා මොන විරෝධය ආවත් මේ පුත්තලමේ කසල අංගනයට කසල දානවා කියල.ඔවුන්ට අපි ගෞරවාන්විතව කියනවා පුත්තලමෙ ජනතාව මේකට ඉඩ දෙන්නෙ නෑ කියලා.එහෙම වුනොත් මේ සුදු ඇඳගත් කලු චරිත ගැන අපි මුලු රටටම කියනවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අගමැති පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව අද රැස්වේ.මහජනයාට ගැලරිය විවෘතයි

Mohamed Dilsad

රාජ්‍ය නායකයන් දෙදෙනෙක් ජනාධිපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

විමල් වීරවංශට ඇප ලබාදීම සම්බන්ධයෙන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment