ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිය පොහොට්ටුව තෙවන සාකච්ඡාව සඳහාත් සුදානම්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන දෙවන නිල සාකච්ඡාව සාර්ථකව නිම වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එහි මීළඟ සාකච්ඡාව අප්‍රේල් මස 10 දා පැවැත්වීමට නියමිත බවද මහ ලේකම්වරයා පැවසුවේය.

ප්‍රතිපත්ති මාලවක් සඳහා එකඟවීමට දෙපාර්ශවය විසින් කරුණු 20ක් සහිත අනාගත වැඩපිළවලක් මෙහිදී ඉදිරිපත් කර ඇති අතර එය සකච්ඡාවට ගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

අද දින සාකච්ඡාවට නිදහස් පක්ෂය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර, හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල යන මහත්වරුන් සාකච්ඡාව සඳහා සහභාගී වූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජි.එල් පිරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගීවී සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලංකා සතොස භාණ්ඩ 200ක මිල අඩුකරයි…

Mohamed Dilsad

පුද්ගලයන් 64,608 ක් පීඩාවට – වැඩිම බලපෑම මඩකලපුව දිස්ත්‍රික්කයෙන්

Mohamed Dilsad

සියළුම අමාත්‍යාංශවල ප්‍රාග්ධන වියදම් සියයට 15කින් කපයි.

Mohamed Dilsad

Leave a Comment