ප්‍රමුඛ පුවත 1

අරුවක්කාඩුව කසල අංගනයට පුත්තලමේදී විරෝධතා දැක්වූවන්ට බැටන් පොලු ප්‍රහාර

(UTV|පුත්තලම) – අද ජනාධිපතිවරයා පුත්තලමට පැමිණි අවස්ථාවේදි අරුවක්කාඩු කසල අංගනයට විරෝධය පාමින් සිටි විරෝධතාකරුවන් පිරිසක් කලහාකාරි ලෙස හැසිරීම හේතුවෙන් බැටන් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අද (22)  පුත්තලම දිස්ත්‍රික් ග්‍රාම ශක්ති ප්‍රධාන රැස්විමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණි අතර පසුව  පුත්තලම ක්‍රීඩාංගනය හා පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ තිබු විවෘත කිරීමක් සඳහා සහභාගී වීමට නියමිතව තිබුණි.

ජනාධිපතිවරයා පුත්තලමට පැමිණෙන බව දැනගත් අරුවක්කාඩු කසල අංගනයට එරෙහි විරෝධතාකරුවන් පුත්තලම මුලස්ථාන පොලිසියට පිවිසේන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරතව තිබුණි.

තමන්ට මෙම අරුවක්කාඩු කසල අංගනය සම්බන්ධව කථා කිරීමට ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් ඔවුන් පොලිසියෙන් ඉල්ලා තිබේ.

එහිදි එම විරෝධතාවයට 400 කට ආසන්න පිරිසක් එක්ව තිබු අතර එම පිරිස දැනුවත් කල උසස් පොලිස් නිලධාරින් ජනාධිපතිවරයා හමුවිමට ඉඩ ලබා දිය නොහැකි බවත් ඒ සඳහා ඉහළින් දන්වා ඇති බවද පොලිස් නිලධාරින් පවසා ඇත.

එම අවස්ථාවේ කෝපයට පත්වු විරෝධතාකරුවන් පොලිස් බාධක කඩාගෙන ඉදිරියට යාමට උත්සහ කලද එය වැලැක්විමට පොලීසිය කටයුතු කළේය.

එහිදි මෙම විරෝධතාවයේ යෙදි සිටි පිරිසෙන් පස් දෙනෙකුට ජනාධිපතිවරයා මුණ ගැසිමට අවස්ථාව ලබා දි තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි පන්දමකින් පහරදී පුද්ගලයකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවක් මෙවරත්

Mohamed Dilsad

ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය ලබාදුන් පළමු තීන්දුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment