ප්‍රමුඛ පුවත 1

තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමතයකට පත් කර ගැනීමට සුදානම්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව සමතයකට පත්කර ගැනීමට එකඟවී ඇති බව නීතිපතිවරයා සහ විත්තියේ නීතිඥවරයා අද(25) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතාට දැනුම් දුන්නේ ය.

වත්මන් ජනාධිපතිවරයාගේ සහ වත්මන් අගමැතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා, පසුගිය ජනාධිපතිවරණය සමයේදී කූඨ ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරතවූ බවට චෝදනා කරමිනි. තිස්ස අත්තනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

දෙපාර්ශ්වයේ එම එකඟතාවට නඩුවේ පැමිණිල්ලේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත්තේ අගමැතිවරයා හා ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද එකී එකඟතාව සම්බන්ධයෙන් විරෝධතාවක් නොමැති බව අද අධීකරණයට කරුණු දක්වනු ලැබී ය.

ඒ අනුව එකී එකඟතාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන 4 වන දා එම නඩුව යළි කැඳවීමට අධිකරණය දින නියම කළේ ය.

එම නඩුවේ විත්තිකාර තිස්ස අත්තනායක මහතා අද දින අධිකරණය හමුවේ පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලීප පිරිස් මහතා පෙනී සිටි අතර විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතාත් පෙනී සිටියේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවයි

Mohamed Dilsad

චීන ආරක්‍ෂක විශ්වවිද්‍යාල නියෝජිතයින් පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

Mohamed Dilsad

ජනපතිගේ ගැසට් නිවේදනය අත්හිටුවමීන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment