ප්‍රමුඛ පුවත 1

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කෙරේ

(උදයම්,කොළඹ) – වැඩබලන පොලිස්පති ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පත් කෙරේ.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම හේතුවෙන් මෙලෙස වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කර තිබේ .

දකුණු ආසියාවේ හා අසල්වැසි රටවල් වල ප්‍රධාන පොලිස් නිලධාරීන් එක්ව පවත්වන මෙම සමුළුව බංගලාදේශයේ ඩකා නුවරදී අද (11) සිට  14 වනදා දක්වා පැවැත්වේ.ඊට පොලිස්පතිවරයා සහභාගී වනු ඇත.

තර්ජනාත්මක ප්‍රචණ්ඩ ක්‍රියා,  අන්තවාදය හා අන්තර්ජාතික අපරාධ මැඩලීම සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව වර්ධනය කරගැනීම මෙම සමුළුවේ අරමුණයි.

Related posts

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක නිකුත් කිරීමේ කඩිනම් සේවාව ඇරඹෙයි

Mohamed Dilsad

මාස 6ට අන්තර්ජාලය සම්බන්ධ පැමිණිලි 1600ක්

Mohamed Dilsad

Leave a Comment