ප්‍රමුඛ පුවත 1

විල්පත්තුවේ ඉඩම් කට්ටි කළේ 2013 පැවති රජයෙන් – පරිසර රාජ්‍ය ඇමති කියයි

විල්පත්තුව විලාත්තිකුලම් ප්‍රදේශයේ ඉඩම් කට්ටි කොට ලබාදී ඇත්තේ 2013 වසරේදී පැවැති රජයෙන් බව පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.

පසුගියදා විල්පත්තු රක්ෂිතයේ අවට ඇති පරිවාර රක්ෂිත ප්‍රදේශයන්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී පරිසර රාජ්‍ය අමාත්‍යවරයා,  පරිවාර රක්ෂිත වූ මරච්චිකඩ්ඩි, කරඩික්කුලි, පාලෙයිකුලි, විලාත්තිකුලම් හා ශිලාවතුර යන ප්‍රදේශයන්හි නිරීක්ෂණය කළේය.

එහිදී විල්පත්තු වන සංරක්ෂණ නිලධාරීන් හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේය.

“මේ ඉඩම් එදා 2013 ඉඩම් බෙදලා ගස් කට්ටි කරලා දීපු ඉඩම්. නමුත් අවුරුදු 5කට 6කට පසුව ඒ වැසියන් නැවත එනකොට මේ ප්‍රදේශවල ලඳු කැලෑවල් වෙලා, අවුරුදු 5ක් වයසැති ගසුත් මේ ඉඩම්වල තියෙනවා. මේ ප්‍රදේශයේ කපපු පාරවල් තියෙනවා. විදුලි පද්ධතිය ඇදපු ඒවා තියෙනවා. කැලේ කපලා මායිම් ගහලා ලයිට් දීලා පදිංචි කරවලා තියෙන්නේ 2013 වසරේදී කියල තමයි කියන්න තියෙන්නේ”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වෙලේ සුදාගේ මරණ දඩුවමට එරෙහි අභියාචනයට දින නියම කරයි..

Mohamed Dilsad

සජිත් සහ ගෝඨාගේ යෝජනාවකට ජනපති විරෝධය

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 7 දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

Leave a Comment