ප්‍රමුඛ පුවත 1

විල්පත්තුව ගැන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය

(UTV| කොළඹ) – 2015 වර්ෂය වන විට නීත්‍යානුකූලව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් මරිච්චිකඩ්ඩි, කල්ආරු, මුල්ලිකුලම් ගම්මානවල ජනතාවට ලබාදී තිබෙන ඉඩම් කට්ටි ප්‍රමාණයන් හැරුණු කොට වෙනත් කිසිදු භූමි ප්‍රමාණයක් එළි කිරීමක් සිදු කොට නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කර තිබේ.

 

එම නිවේදනය..

හෙක්ටයාර් 131,667.1 ක් වපසරියකින් යුත් විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටා ඇති මුසලි ප්‍රාදේශීය සභාවට අයත් බල ප්‍රදේශය තුළ උතුරු වසන්තය යටතේ නැවත පදිංචි කිරීම් සිදු කළ මුස්ලිම් පවුල් සඳහා වෙන් වූ ඉඩම් සම්බන්ධව පරිසර සංවිධාන කරන ලද පැමිණිලි සැලකිල්ලට ගෙන අදාල ජනාවාස සහ සංවේදී පරිසර පද්ධතියට දැඩි අවධානය යොමු කරමින් අතිගරු ජනාධිපතිතුමන් ඒ පිළිබඳ තීරණයක් ගෙන තිබිණි.

මේ අනුව 2015 සිට අදාල ජනාවාසයේ ව්‍යාප්තිය සම්බන්ධව සියුම්ව නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පවරන ලදී. 2015 දෙසැම්බර් මස 22වන දින සිට විශේෂ ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් 178ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියුම්ව සතිපතා කරන ලද නිරීක්ෂණ වලදී අදාල ජනාවාසයේ ව්‍යාප්තියෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයට ජනාවාසය ව්‍යාප්ත වීමක් හෝ වගා කටයුතු සඳහා විල්පත්තු වනෝද්‍යානය හෙළි කිරීමක් සිදු කරනවා ද යන්න නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලදි.

2015 වර්ෂයේදී මරිච්චිකඩ්ඩි ප්‍රදේශයේදී සියුම්ව හඳුනාගත් වන විනාශයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව අදාල බලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව එය සම්පූර්ණයෙන් නවතා දැමීමටත් නැවත වන වගාව ස්ථාපිත කිරීමටත් අදාල බලධාරීන් කටයුතු කර තිබිණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සෑම පියාසර මෙහෙයුමකදීම මිනිස් ක්‍රියාකාරකම් ඉතා සියුම්ව නිරීක්ෂණය කරමින් වගකිවයුතු නිලධාරීන් හට ක්ෂණිකව දැනුවත් කිරීම් සිදු කරන ලදි.

කැලෑ ගිනි තැබීම් සහ යන්ත්‍රෝපකරණ භාවිතා කරන අයුරු ද නිරන්තර අධීක්ෂණයට ලක් කරන ලදි.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට අයත්ව නොතිබුණු මාවිල්ලූ, වෙප්පල්, කරඩික්කුලි, මරිච්චිකඩ්ඩි, විලත්තිකුලම් හා පෙරියමුරුප්පු යන රක්ෂිත සියල්ල එකතුකොට වන සංරක්ෂණ ආඥාපනතේ ”3 අ ”වගන්තිය යටතේ මාවිල්ලූ සංරක්ෂණ වනාන්තරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සදහා වූ ගැසට් නිවේදනයට ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් 2017 මාර්තු 24 වැනිදා අත්සන් තබා තිබිණි.

දීර්ඝ කාලයක් පුරාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් මගින් ලබාගත් ඡායාරූප සැලකිල්ලට ගැනීමේදී තහවුරු වන්නේ 2015 වර්ෂය වන විට නීත්‍යානුකූලව විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි මුසලි ප්‍රාදේශීය සභාවට අයත් මරිච්චිකඩ්ඩි, කල්ආරු, මුල්ලිකුලම් ගම්මානවල ජනතාවට ලබාදී තිබෙන ඉඩම් කට්ටි ප්‍රමාණයන් හැරුණු කොට වෙනත් කිසිදු භූමි ප්‍රමාණයක් එළි කිරීමක් සිදු කොට නොමැත. අවසාන වරට ගුවන් නිරීක්ෂණ චාරිකාව සිදු කරන්නේ 2019 මාර්තු 22 දිනයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එජාපයේ අපේක්ෂක සජිත් – හරින්,නවීන් තහවුරු කරයි [PHOTOS]

Mohamed Dilsad

ජනපති ආචාර්ය පණ්ඩිත් අමරදේව සංගීත අසපුව නිරීක්ෂණයට

Mohamed Dilsad

ගිලන් රථ රියදුරන් දින දෙකක් වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment