ප්‍රමුඛ පුවත 1

මාතරට නව ජර්මානු කාර්මික තාක්ෂණික ආයතනයක්…

(UTV| කොළඹ) – ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ඉඳිකිරිම සඳහා කිරීම සඳහා යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළකර තිබේ.

.2015 වසරේ දී මෙවැනි ම ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ ද ජර්මානු පුහුණු කිරීමේ ආයතනයක් 2016 වසරේ දී ඉදි කෙරිණි. 

මෙමගින් තාක්ෂණික ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම ලබා ගැනීමට දකුණේ තරුණ තරුණියන්ට මහගු අවස්ථාවක් උදා වනු ඇත.

මෙහි අපේක්ෂාව වනුයේ විශ්ව විද්‍යාලවල ඉඩ පහසුකම් සීමිත වීම හේතුවෙන් උසස් පෙළ සමත්ව එහෙත් විශ්ව විද්‍යාල වරම් නොලබන තරුණ තරුණියන් හට අවස්ථාවක් ලබාදීමට ජාත්‍යන්තර මට්ටමේ කාර්මික තාක්ෂණික පුහුණුව ලබා දීමයි.

ශ්‍රී ලංකා ජර්මානු කාර්මික තාක්ෂණික ආයතනය ජර්මානු ආධාර යටතේ ඇරැඹුණ පළමු ආයතනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇමති රවී අල්ලස් කොමිසමට

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුව දෙසැම්බරයට කල් යයි

Mohamed Dilsad

Leave a Comment