ප්‍රමුඛ පුවත 1

මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයින් මෙන්න…

(UTV| කොළඹ) – මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත්කර තිබේ.

එම ප්‍රථිපල බැලීම සඳහා මෙතනින් පිවිසෙන්න…

 

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකුට හිමිවී ඇති බවයි.

පළමු ස්ථානයට විශාඛා විද්‍යාලයේ නිලක්නා වරුසවිතාන සිසුවිය පත්වී ඇති අතර දෙවන ස්ථානය හිමිවී ඇත්තේ එම විද්‍යාලයේම සචිති හංසදී සිසුවියටය.

ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා විද්‍යාලයේ මින්දි රෙබෙකා පිළිවෙලින් අනෙක් දෙවන ස්ථානවලට පත්ව තිබේ.

2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන ස්ථාන 5ක් පවති.

මෙවර නිකුත් වු ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන්ගේ නාම ලේඛණය මෙසේයි.

 

විභාගය මධ්‍යස්ථාන 4661ක දී පැවැත්වු අතර ඊට පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 656641කි.

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට සිසු සිසුවියන් 656,984ක් අයදුම්කර තිබු අතර විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 518,184ක්.

ඉන් උසස් පෙළ සඳහා 235,373 ක් සුදුසුකම් ලබා තිබේ.

එය ප්‍රතිශතයක් ලෙසට 71.66% ක්  බවත් මෙවර විභාගයෙන් ගණිතය විෂය සමත්වු ප්‍රතිශතය 64.11%ක් බවත් විභාග දෙපර්තමේන්තුව පවසයි.

A සමාර්ථ 9ක් ලබාගත් සිසු සිසුවියන් 9413ක් සිටින බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය

Mohamed Dilsad

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

Mohamed Dilsad

ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ සංචාරය අවලංගු වේ

Mohamed Dilsad

Leave a Comment