ප්‍රමුඛ පුවත 1

රුපියල් විසිපන්දහසේ රථවාහන දඩයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(UTV| කොළඹ) – රථ වාහන වැරදි හතක අවම දඩය රුපියල් විසිපන්දහස දක්වා වැඩි කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කළ එම ගැසට් නිවේදනය ප්‍රකාරව නව රථවාහන වැරදි සඳහා පනවන සංශෝධිත දඩ ගාස්තු ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීමට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

වත්මන මාරක රිය අනතුරුවලට බොහෝ විට බලපා ඇත්තේ මාර්ග නීති උල්ලංඝණය සහ රියදුරාගේ නොසැලකිලිමත්  බවයි.

මේ හේතුවෙන් මාර්ග අනතුරු සඳහා බහුලව බලපාන මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සහ රථ වාහන වැරදි සඳහා වූ පනවන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කළ යුතු බවට යෝජනා වූයේ 2017 අයවැය යෝජනාවේ 486වැන්නෙනි.

ඒ සම්බන්ධයෙන් 2016. 11.21වැනි දින මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන සහ  සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය, බස්රථ සහ ත්‍රීරෝද සංගම් නියෝජිතයින් එක්ව මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මාර්ග අනතුරු සඳහා විශාල වශයෙන් හේතු වන වැරදි හතක් හඳුනා ගැනිණ.

එම රථ වාහන වැරදි හත සඳහා පනවන දඩ මුදල විසිපන්දහස දක්වා වැඩිකිරීමටද එම සාකච්ඡාවේදී තීරණය විය. කෙසේනමුත් එම දඩමුදල් වැඩි කිරීමට විරෝධය දක්වා බස්රථ සංගම් සහ ත්‍රීරෝද රථ සංගම් වැඩවර්ජනයකට යොමු වීම හේතුවෙන් නැවත වරක් එම යෝජනාව විමසා බලා වාර්තාවක් සැපයීමට අතිගරු ජනාධිපතිතුමා විසින් කමිටුවක් පත් කළේය.

දඩ මුදල් විමසා බැලීමට අතිගරු ජනාධිපතිතුමා පත් කළ කමිටුවේ සාමාජිකයෝ 5 දෙනෙකි. ඒ මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්, නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයකු, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – රථවාහන යන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදි.

එම කමිටුව සිදුකළ පුළුල් විමර්ශනයකින් පසුව මාර්ග අනතුරු සඳහා බලපාන වැරදි හතක් ප්‍රධාන වශයෙන් හඳුනා ගත් අතර එම වැරදි සඳහා අයකරන දඩ  මුදල රුපියල් 25000 දක්වා වැඩි කිරීමටද කමිටුව නිර්දේශ කළේය.

එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට මොටර් වාහන පණතේ 123, 141, 148, 152, 196, 216, 217, 218, 224 යන වගන්ති සහ ප්‍රධාන ප්‍රඥ්පතියේ දෙවැනි උප ලේඛනය සංශෝධනය කිරීමේ යෝජිත පණත් කෙටුම්පතට ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කිරීම සඳහාත් ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි පසුගියදා හිමිවිය.

රථ වාහන වැරදි සඳහා පනවන අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කිරීමේ කැසට් පත්‍රය ඊයේ නිකුත් කළේ ඒ අනුව වේ. එහිදී අවම දඩය රුපියල් 25000 දක්වා වැඩි කරන රථ වාහන වැරදි හය වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැති තැනැන්තන් සේවා නියුක්ත කිරීම, මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයෙන් අනතුරුව රිය ධාවනය, දුම්රිය මාර්ගයක් තුළට අපරීක්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළත් කිරීම, වලංගු අක්ෂණ ආවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය වේ. වමෙන් ඉස්සරහ කිරීමේ දඩයද වැඩි කර ඇත. එම දඩ වැඩිවන ආකාරය දැක්වෙන වගුව පහත පරිදි වේ.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසන්ත කරන්නාගොඩට නඩු පවරන්න සුදානම්

Mohamed Dilsad

රජයේ ඖෂධවේදීහු අද වැඩ වර්ජනයක.

Mohamed Dilsad

ජංගා සහ රොටුඹ අමිල අප්‍රේල් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

Leave a Comment