ප්‍රමුඛ පුවත 1

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්ව ඇප මත මුදාහරි.

(UTV| කොළඹ) – 2012 වසරේ සිදුවූ වැලිකඩ ගැටුමේදී 27 දෙනෙකු ඝාතනය සම්බන්දයෙන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි එමිල් රංජන් ළමාහේවා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද (04) නියම කළේය.

ශිරාන් ගුණරත්න සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය කරනු ලැබුවේය.

ඒ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 02 ක් මතයි.

හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයාගේ ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටද මෙහිදී නියම කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද

Mohamed Dilsad

රූමස්සලදී අනතුරටපත් නෞකාවේ ඇති ඉන්ධන ඉවත් කිරීම අදත්

Mohamed Dilsad

අද තවත් අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment