ප්‍රමුඛ පුවත 1

අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

(UTV| කොළඹ) – අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම හෙවත් කාරක සභා අවස්ථා ඡන්ද විමසීම අද(05) පස්වරුවේ පැවැත්වේ.

අද පෙරවරුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන අතර පස්වරුවේ කාරක සභා අවස්ථා ඡන්ද විමසීම පැවැත්වේ.

පසුගිය 5 වන දා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

අද පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව තවමත් අවිනිශ්චිත අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට මේ වන විටත් ප්‍රකාශ කර තිබේ.

අයවැය ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද උදෑසන පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කිරීමට සුදානම් වේ.

මේ අතර අද දහවල් 12.30ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අතර හමුවක් පැවැත්වෙන අතර එහිදී අයවැය ඡන්දය සම්බන්ධයෙන් සිය අවසන් තීන්දුව ගැනීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 70 කට අධික මත් පෙති තොගයක් සමඟ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රට බෙදන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි [VIDEO]

Mohamed Dilsad

මහ කන්නයේ වී මිලදී ගැනීමට නිශ්චිත මිලක්

Mohamed Dilsad

Leave a Comment