ප්‍රමුඛ පුවත 1

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට මෙරට අධ්‍යාපනය ලැබීමට වැඩපිළිවෙලක්…

(UTV| කොළඹ) – විදේශ රැකියා සඳහා පිටරට ගොස් රැකියාව අවසන්ව මෙරට පැමිණෙන ශ්‍රි ලාංකිකයන්ගේ දරුවන් සඳහා පාසැල්වල හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය හැදැරීම සදහා අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අවධානය යොමුවී තිබේ.

ඔවුන් රැකියාව අවසන්වී මෙරටට පැමිණිමෙන් පසු මෙරට රජයේ පාසැල් හා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට එම දරුවන් ඇතුළත් කිරීමේදී විවිධ ගැටළුවලට මුහුණපෑමට සිදුවේ.

ඒ අනුව රජයේ පාසැල්වලට එම දරුවන් ඇතුළත් කිරීම, ඉංග්‍රිසි මාධ්‍ය මගින් ඔවුන්ට අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය පහසුකම් සැලසීම හා විශ්ව විද්‍යාලවලට ඇතුළත් කිරීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමට පියවර ගැනීමට අපේක්ෂිතය

මෙම කරුණ සම්බන්ධයෙන් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර, එයට කඩිනමින් විසදුම් ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මැතිවරණ කොමිෂන් පරිශ්‍රය තුළ මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවයි

Mohamed Dilsad

ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

වසන්ත කරන්නාගොඩගේ නඩුවට අදාල ලිපිගොනු ජනපති කොමිසම වෙත

Mohamed Dilsad

Leave a Comment