ප්‍රමුඛ පුවත 1

රෝහල් රැසක හෙද වර්ජනයක්

(UTV| කොළඹ) – ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කෙරේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ, හෙද හෙදියන්ගේ දීමනා ඉහළ නොදැමීම, උසස් වීම් ප්‍රමාදය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බව යි.

වර්ජනය පැවතිය ද රෝහල් සේවා උපරිම අයුරින් පවත්වා ගෙන යාමට පියවර ගෙන ඇති බව එම රෝහල් වල පාලනාධිකාරිය පවසයි.

කෙසේ වෙතත් අතම රෝහල් වල කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යාමට නොහැකි වී ඇති බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිතගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක්

Mohamed Dilsad

CTB බස් රථ සඳහා මෙහෙයුම් පද්ධතියක්

Mohamed Dilsad

ආයුර්වේද පනත සංශෝධනය වෙයිද?

Mohamed Dilsad

Leave a Comment