ප්‍රමුඛ පුවත 1

“දකුණු ලකට අලුත් මගක් ” ඇරඹේ

(UTV|මාතර) – “දකුණු ලකට අලුත් මගක්” යන තේමාව යටතේ මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය ජනගත කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද(08) සිදු කෙරේ.

එම දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කිරීම 2018 අප්‍රේල් මස 08 වැනිදා උදෑසන 09.00ට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ සුරතින් සිදුකෙරෙන්නේ  S – 12 වර්ගයේ වායුසමනය කළ දුම්රියක් එම මාර්ගයේ ධාවන කරමිනි.

මැදිරි අටකින් යුත් එම දුම්රිය චීන නිෂ්පාදනයක් වේ. පැයට කිලෝමීර් 120ක වේගයෙන් ගමන් කළ  හැකි මෙම දුම්රිය මාර්ගයේදී මාතර සිට බෙලිඅත්ත දක්වා ගමන් කිරීමට ගත වන කාලය විනාඩි විස්සකි. 

පෙරවරු 10.30ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමහන් පරිශ්‍රයේ දී ඊට අදාළ උත්සවය පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම උත්සවයට සමගාමීව මාතර හා බෙලිඅත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි පිලදූව, වෙහෙරහේන, කැකනදුර, බඹරැන්ද, වැව්රුකන්නල හා බෙලිඅත්ත යන දුම්රිය ස්ථාන විවෘත කිරීම ද  මෙහිදී සිදු කෙරේ.

අභිනවයෙන් විවෘත වන මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය 07ක් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර එම දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන දුම්රිය ගණන 06ක් වේ.

මාතර හා බෙලිඅත්ත දුම්රිය මාර්ගය ප්‍රධන දුම්රිය ස්ථාන 4ක් සහ උප දුම්රිය ස්ථාන දෙකක් ලෙස නැවතුම් ස්ථාන 06කින් යුක්ත වන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

බෙලිඅත්ත සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120ක් වන අතර දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 70ක් සහ තුන්වන පන්තියේ ගාස්තුව රුපියල් 35ක් වන බව සඳහන්ය.

මෙරට දුම්රිය මාර්ගයක හමුවන දිගින් වැඩිම පාලම් දෙක ඇතුළත් මාතර බෙලිඅත්ත දුම්රිය මාර්ගය දුම්රිය ඉතිහාසයේ සුවිශේෂි මාර්ගයක් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ඉදිව ඇති “වටගම පාලම” මෙරට දුම්රිය මාර්ගයක හමුවන දිගින් වැඩිම පාලම ලෙස සැලකෙන අතර එහි දිග මීටර් 1500ක්වේ.

එම මාර්ගයේ හමුවන නිල්වලා ගග හරහා ඉදිව ඇති පාලම ද මීටර් 1400ක දිගින් යුතුය.

මීට අමතරව ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ගයක පිහිටි දිගින් වැඩිම බිංගෙය ද බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ කැකනදුර දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය.

දුම්රිය මාර්ගයෙන් විවෘත කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සහ බෙලිඅත්ත අතර අද පස්වරුවේ සිට දුම්රිය ධාවනය සිදුකීරීමට නියමිතය.

තවද අද (08) සිට බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් දුම්රිය 7 ක් ගමන් ආරම්භ කිරීමට නියමිත අතර ඉන් එක් දුම්රියක් ගාල්ල දක්වාද 4 ක් මරදාන දක්වාද ගමන් කරනු ලබයි.

එම කාලසටහන් මෙසේයි.

එමෙන්ම බෙලිඅත්තේ සිට මාතර දක්වා පළමු පන්තියේ දුම්රිය ගාස්තුව රුපියල් 120 ක් ද ,දෙවන පංතියේ ගාස්තුව රුපියල් 70 ක් ද ,තුන්වන පංතියේ ගාස්තුව රුපියල් 35 ක් වන බවයි ප්‍රවාහන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියිl

Related posts

හෙට සිට උෂ්ණාධික කාළගුණ තත්ත්වයේ වෙනසක්

Mohamed Dilsad

සජිත්ගේ ජයග්‍රහණය උදෙසා කටයතු කරනවා – රෙක්ස් කොඩිප්පිලි

Mohamed Dilsad

ඔයට පෙරළුණු BMWහි හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment