ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම ගැන යුරෝපා සංගමයෙන් යළි සිහිපත් කිරීමක්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ඉදිරියටත් අත්හිටවනු ඇතැයි අපේක්ෂා කරන බව යුරෝපා සංගමය පවසයි.

ඒ ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී එකඟතාව පල කල පරිදිය.

නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකා රජය මත්කුඩු ජාවාරමට එරෙහි ප්‍රතිපත්තියට අනුකුලව වසර 43 කට පසු ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා මෑතකදී කටයුතු යොදමින් සිටින බවයි.

ශීඝ්‍රයෙන් වර්ධනය වන මත්කුඩු ජාවාරම ලොව පුරා රාජ්‍යයන් මුහුණ දෙන බරපතළ ගැටලුවක් බවත් මත්කුඩු ජාවාරමට එරෙහිව ක්‍රියාමාර්ග ගතයුතු බව පිළිගන්නා අතරම මරණ දඬුවම ඒ සඳහා ඇති ඵලදායි ප්‍රතිකර්මයක් යන්න සනාථ වී නොමැති තර්කයක් බව යුරෝපා සංගමය පෙන්වා දෙයි.

මත් උවදුරට එරෙහිව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් තමන්ට ඇති අත්දැකීම් බෙදාගැනීමට තමන් සූදානම් බව ද යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ඔවුන් අවධාරණය කර සිටින්නේ මරණ දඬුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානුව අභිමානය නොසලකා හරින දඬුවමක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති සහ මැලේසියා අගමැති අතර නිල හමුවක්

Mohamed Dilsad

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් දක්වා කල් තැබෙයි

Mohamed Dilsad

නව දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල සඳහා ගිවිසුමක් අත්සන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment