ප්‍රමුඛ පුවත 1

“ජාති ආගම්භේද පසෙකලා එක පවුලක් සේ කටයුතු කරන්න” – රිෂාඩ් බදියුදීන්…

ජාති ආගම්භේද පසෙකලා එක පවුලක් සේ කටයුතු කරන ලෙසට කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම, සමූපකාර සංවර්ධන සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පුල්මුඩේ ඛනිජවැලි සමාගමේ සේවකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ , අද (08) එම සමාගමේ සේවකයින්ට වාර්ෂික ප්‍රසාද දීමනා ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්,

“තමන් රාජකාරී කරන ස්ථානය දේශපාලන කටයුතු සඳහා භාවිතා කරන්න එපා. මේ ස්ථානයට ආවම තමන්ගේ ආගම, ජාතිය, පක්ෂය, අමතක කරන්න. එක පවුලක් වගේ සහෝදරත්වයෙන් තමන් කරන කාර්යය වැටුපට සරිලන ආකාරයට ඉටු කිරීමට අදිටන් කරගත යුතුයි.

පසුගිය දින කිහිපයේ ඛණිජ වැලි සමාගමේ වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක් දියත් කර තිබුණා. ඒ වෘත්තීය ක්‍රියා මාර්ගය සාධාරණදැයි ප්‍රශ්නයක් තියෙනවා. එතනදී සාමාන්‍ය පරිදි රැකියා කළ සේවකයිනුත් ඔවුන්ගේ වැඩ සඳහා
සහභාගී කරවාගෙන තිබුණා. ඔබට යම් ඉල්ලීමක්, අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ ආයතනයේ පාලනාධිකාරියට, සභාපතිවරියට දැනුම් දෙන්න. ඔබගේ ගැටලුවලට සවන් දීමට මමත් නිරතුරුව සූදානමින් ඉන්නවා. වෘත්තීය සමිති ක්‍රියා මාර්ගවලට යන්න කලින් ඔවුන්ගේ ඉල්ලීම් අපට ලබාදෙන්න තිබුණා.

ඛණිජවැලි සමාගමේ සේවකයින්ට රුපියල් ලක්ෂයක ප්‍රසාද දීමනාවක් ලබා දීමට අපට හැකි වෙලා තියෙනවා. අපි සේවකයින් ගැන හිතලා මේ ප්‍රසාද දීමනාව දෙන්න කටයුතු කළා. නමුත් මගේ හිතේ තිබුණා ඔබ වෙනුවෙන් රුපියල් එක් ලක්ෂ විසි පන්දහසක්වත් දෙන්න පුලුවන් නම් හොඳයි කියලා. ඒත් මේ වෘත්තීය සමිති කටයුතු නිසා එම මුදල ලබාදීම මගහැරී ගියා.

පුල්මුඩේ ඛණිජ වැලි සමාගම, විදේශ රටවලට විකුණන්න යන බවට අසත්‍ය කතාවක් සමාජ මාධ්‍යවල පළ වෙනවා. එම ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නැහැ. පුල්මුඬේ ඛණිජ වැලි කියන්නේ රටේ සම්පතක්.

රිෂාඩ් බදියුදීන් විෂය බාර ඇමතිතුමා ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම කිසිවෙකුට විකුණන්නේ නෑ කියලා මම පොරොන්දු වෙනවා. පසුගිය දිනවල මෙහි ගොඩගසා තිබෙන වැලි සොරකම් කරනවා කියලත් අපට පැමිනිලි ආවා.ඒ නිසා මේ ඉඩම ආරක්ෂාකරන්න අපේ ආයතනය කටයුතු කලා.

මේ අවස්ථාවේදී නොයෙක් ප්‍රශ්න ඇතිවුනා. මේ වගේ අවස්ථාවක ප්‍රදේශවාසීන් සමග ගැටලු ඇතිනොකර කටයුතු කිරීමට මෙහි කාර්යය මණ්ඩලය කටයුතු කල යුතුව තිබුනා .මොකද මෙහි සේවය කරන බොහෝ පිරිසක් මේ ප්‍රදේශවලටම පදිංචිකරුවන්. ඔවුන්ට මේ ගැටලුව ගැටුමකින් තොරව විසඳාගන්න පුලුවන්කම තිබුනා කියන එකයි මගේ හැඟීම.

රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවී තිබූ පසුගිය දින පනස් දෙකක කාලය තුළ මෙම ස්ථානයේ දේශපාලනය ක්‍රියාත්මක වෙලා තිබෙනවා.රනිල් වික්රසමසිංහ ,සජිත් ප්‍රේමදාස ,මහින්ද රාජපක්ෂ ,බැසිල් රාජපක්ෂ කවුරු බලයට ආවත් ඔබ සැම කටයුතු කල යුත්තේ ඔවුන්ගේ න්‍යාය පත්‍රවලට නෙවෙයි.

ඔබ සියලු දෙනා ,දේශපාලන පක්ෂ ,ආගම් ,ජාති බේද මේ ආයතනය තුලදී අමතක කල යුතුයි. මෙතනදී හැමදෙනාම එකාවන්ව කටයුතු කරන්න හිතට ගන්න ඕන එහෙම වුනොත් අපිට මේ රටේ සංවර්ධනය වේගවත් කල හැකියි.”

මෙම අවස්තාව සදහා පුල්මුඩේ ඛනිජවැලි සමාගමේ සභාපතිනී ඉන්දිකා රණතුංග ,වැඩබලන අධ්‍යක්ෂ අබ්දුල් රසාක් ඇතුලු නිළධාරීන් පිරිසක් හා ඛනිජවැලි සමාගමේ සේවක පිරිසක්ද සහභාගීවී සිටියහ.

Related posts

හෙටින් පසු පළාත් පාලන ආයතන 170ක්

Mohamed Dilsad

ගෝඨාභයගේ පවුලේ කිසිවෙකුටවත් මෙරට ඡන්දයක් නොමැත [VIDEO]

Mohamed Dilsad

කොළඹ නගරය තුළ පාසල් ප්‍රවාහන රථ සඳහා නැවතුම් ස්ථාන..

Mohamed Dilsad

Leave a Comment